Ultimate magazine theme for WordPress.

කඩුලු 5 කින් දකුණු අප්‍රිකාව පැරද වූ ඔස්ට්‍රේලියාවට පූර්ණ 20යි 20 තරගාවලි ජයක්

Match Report

ADVERTISEMENT

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(3) සමත් වුණා. ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් සංචාරක කණ්ඩායම කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ඩර්බන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 8 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

සිය මංගල ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ ඩොනවන් ෆෙරෙයිරා පන්දු 21 කින් ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර 5 ක් හා හතරේ පහරක් සමගින්. ඒඩ්න් මාක්‍රම් ලකුණු 41(23) ක් හා රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 42(30) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශෝන් ඇබෝට් ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා. මර්කස් ස්ටොයිනිස් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 39 ක් ලබා දෙමින්.

ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 17.5 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ට්‍රැවිස් හෙඩ් පන්දු 48 කින් ලකුණු 91 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 8 ක් සමගින්. ජොෂ් ඉන්ග්ලිස් පන්දු 22 කින් ලකුණු 42 ක් ද, මර්කස් ස්ටොයිනිස් පන්දු 21 කින් නොදැවී ලකුණු 37 ක් ද, රැස් කළා.

පන්දු යැවීමේ දී Bjorn Fortuin හා Gerald Coetzee කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද ඔවුන් තරගයෙන් පරාජයට පත් වීමට හේතු වුණා.

Leave a comment