කඩුලු 19 ක් බිද වැටුණු දෙවැනි දිනයේ සියලු ගෞරව දකුණු අප්‍රිකාවට
Day 2 Report
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ඩර්බන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (28) නිමා වුණේ තරගයේ පාලනය දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.
අද දිනයේදී කඩුලු 19 ක් දැවී ගිය අතර, දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132 ක්.
අද දිනය ආරම්භ වන විට තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4 ක් දැවී ලකුණු 80 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 ක්.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පළමු ඉනිම පන්දුවාර 13.5 ක් තුළ ලකුණු 42 කට සීමා කිරීමට මාර්කෝ ජැන්සන් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වීම කැපී පෙනුණා. එය ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකා ඉනිමේ දී පිතිකරුවන් 5 දෙනෙකු ලකුණු නොලබා දැවී ගියා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලකුණු 13 ක් ලබා ගත් කමිදු මෙන්ඩිස්. පන්දු යැවීමේ දී මාර්කෝ ජැන්සන් පන්දුවාර 6.5 ක් යොමු කරමින් කඩුලු 7ක් දවා ගත්තේ ලකුණු 13 ක් පමණක් ලබා දෙමින්.
දකුණු අප්‍රිකා පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ටෙම්බා බවුමා අද දිනය නිමා වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 24 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා. ඔහු පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 70 ක්. ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඒඩ්න් මාක්‍රම් ලකුණු 47 කට දැවී ගියා.
පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් හා විශ්ව ප්‍රනාන්දු එක් කඩුල්ලක් බිද හෙලුවා. දකුණු අප්‍රිකා පළමු ඉනිමේ දී ලහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තා.
මේ වන විට දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 281 ක්.