කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව ලාබාලතම පන්දු යවන්නා බවට නසීම් පත් වෙයි

0 441

ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා බවට පත් වීමට පාකිස්තානයේ නසීම් ශාහ් අද සමත් වුණා.

16 හැවිරිදි ඔහු මෙම දක්ෂතාව දක්වනු ලැබුවේ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග රාවල්පින්ඩිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදීයි.

එහිදී බංග්ලාදේශ දෙවැනි ඉනිමේ 41 වන පන්දුවාරයේදී නසීම් ශාහ් විසින් නජ්මුල් හුසේන්, ටයිජුල් ඉස්ලාම් සහ මහ්මුදුල්ලාහ් පිට පිට පන්දු 3කදී දවා ගනිමින් සිය කඩුලු ත්‍රිත්වය බිද හෙලීමට සමත් වුණා.

You might also like

Leave A Reply

Your email address will not be published.