දෝනිගෙන් ශ්‍රී ලංකාවට උපදෙස් මාලාවක්
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් (රතු පන්දු) තරග ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයෙකු නොවන බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(6) පැවැති තරගයෙන් පසුව අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
මෙම තරගයේ දී මතීෂ සිය පන්දුවාර 4 තුළදී ලකුණු 15 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා. ඔහු සිය පන්දුවාර හතරම යොමු කළේ ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළදීයි. නිලකුණු පන්දු 12 ක් ඔහුගේ පන්දුවාර 4ට ඇතුළත්.
“මම පෞද්ගලිකව හිතන්නේ ඔහු රතු-පන්දු තරග ගොඩක් ක්‍රීඩා කළ යුතු කෙනෙක් නෙවෙයි.” යනුවෙන් දෝනි කියා සිටියා.
“මම හිතන්නේ ඔහු එයට ළගා වීමටවත් අවශ්‍ය නැහැ. සුදු පන්දු ක්‍රිකට්වල පවා, පන්දුවාර 50 රටාව ඔහු හැකිතාක් අඩුවෙන් ක්‍රීඩා කළ යුතුයි. ඔහු ප්‍රධාන අයි.සී.සී තරගාවලි ක්‍රීඩා කළ යුතුයි. මොකද එයා ගොඩක් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. සෑම විටම තීරණාත්මක අවස්ථාවලදී ඔහුව භාවිතා කළ හැකියි. නමුත් ඔහු සියලු අයි සී සී තරඟාවලි සඳහා සුදුසු තත්ත්වයකින් පසු කර ගැනීමට වග බලා ගන්න. ඔහු ශ්‍රී ලංකාවට විශාල සම්පතක් වේවි.”
“ඔහු ඇත්තටම තරුණ කොල්ලෙක් බව අමතක කරන්න එපා. ගිය පාර [2022 දී] එනකොට ටිකක් කෙට්ටුයි, නමුත් දැන් ඔහු මාංශ පේශි වර්ධනය කර ගෙන තරමක් ශක්තිමත් වී තියෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ඉතා දිගු කාලයක් සේවය කරාවි කියලා මට හැගෙනවා. නමුත් ඔහු කොපමණ පන්දු යවන්නේද යන්න පිළිබඳව අප අවධානයෙන් සිටිය යුතුයි.”