Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය තහවුරු කරමින් කාලසටහන නිකුත් කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය තහවුරු කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අද(22) තරගාවලියට අදාළ කාලසටහන නිවේදනය කළා.

ඒ අනුව දෙරට අතර තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 3 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී සියලු තරග පැවැත්වෙන බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 29 වනදා බංග්ලාදේශයට ළගා වනු ඇති.

  • Tue, 03 August 2021 – 1st T20 (D/N)
  • Wed, 04 August 2021 – 2nd T20 (D/N)
  • Fri, 06 August 2021 – 3rd T20 (D/N)
  • Sat, 07 August 2021 – 4th T20 (D/N)
  • Mon, 09 August 2021 – 5th T20 (D/N)