ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉදිරි තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ඔස්ට්‍රේලියානු කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම්වල එළඹෙන දේශීය තරග වාරය සදහා වන තරග කාලසටහන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද(28) ප්‍රකාශයට පත් කළා.
ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් පැවතීමත් සමග එළඹෙන තරග වාරය ගැටලුවකින් තොරව ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට වන විශ්වාසය සමගින්.
ඒ අනුව අගෝස්තු මාසයේ සිට පෙබරවාරි මාසය දක්වා සෑම මාසයකදීම ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිත බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය වෙනස්වීමකට ද ලක්විය හැකි බව සදහන්.
ඔස්ට්‍රේලියානු පිරිමි ජාතික කණ්ඩායම ඉදිරි තරග වාරයේ දී ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය සමගින් ටෙස්ට් තරගාවලියන්ට එක් වන අතර, ඉන්දියාව, නවසීලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම්වලට එරෙහිව එක්දින තරගාවලියන්ට ද එක් වනු ඇති.
එමෙන්ම ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 20යි 20 තරග සදහා ද එක් වනවා.
ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන ඉතිහාසයේ පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී දෙසැම්බර් 3 වනදා ආරම්භ වන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමක් 1988 වසරෙන් පසුව එම ක්‍රීඩාංගනයේ දී මෙතෙක් කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නැහැ.
පිරිමි සහ කාන්තා තරග කාලසටහන –
Gillette Men’s ODI Series v Zimbabwe
1st ODI: August 9, TBC
2nd ODI: August 12, TBC
3rd ODI: August 15, Riverway Stadium, Townsville
CommBank Women’s T20 Series v New Zealand
1st T20: September 27, North Sydney Oval
2nd T20: September 29, North Sydney Oval
3rd T20: October 1, North Sydney Oval
Gillette Men’s T20 INTL Series v West Indies
1st T20: October 4, Riverway Stadium, Townsville
2nd T20: October 6, Cazaly’s Stadium, Cairns
3rd T20: October 9, Metricon Stadium, Gold Coast
CommBank Women’s ODI Series v New Zealand
1st ODI: October 5, Riverway Stadium, Townsville
2nd ODI: October 7, Cazaly’s Stadium, Cairns
3rd ODI: October 10, Metricon Stadium, Gold Coast
Gillette Men’s T20 INTL Series v India
1st T20: October 11, the Gabba, Brisbane
2nd T20: October 14, Manuka Oval, Canberra
3rd T20: October 17, Adelaide Oval
Men’s T20 World Cup
October 18 to November 15
Men’s Test v Afghanistan
Only Test: November 21-25, Perth Stadium (day-night)
Men’s Test Series v India
1st Test: December 3-7, the Gabba, Brisbane
2nd Test: December 11-15, Adelaide Oval (day-night)
3rd Test: December 26-30, MCG
4th Test: January 3-7, SCG
Gillette Men’s ODI Series v India
1st ODI: January 12, Perth Stadium
2nd ODI: January 15, MCG
3rd ODI: January 17, SCG
CommBank Women’s ODI Series v India
1st ODI: January 22, Manuka Oval, Canberra
2nd ODI: January 25, Junction Oval, Melbourne
3rd ODI: January 28, Blundstone Arena, Hobart
Gillette Men’s ODI Series v New Zealand
1st ODI: January 26, Adelaide Oval
2nd ODI: January 29, Manuka Oval, Canberra
3rd ODI: January 31, Blundstone Arena, Hobart
Gillette Men’s T20 v New Zealand
Only T20: February 2, SCG