ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට එක් වෙනසක්

එංගලන්තය සමග පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ බොක්සිං දින ටෙස්ට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බෝලන්ඩ් ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව අද(21) කටයුතු කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත වේග පන්දු යවන්නෙකු වන ඔහු ඇඩිලේඩ්හී දී කණ්ඩායම සමග පුහුණුවීම් සිදු කරමින් සිටින බවත්, දෙවන ටෙස්ට් තරගයෙන් පසුව වෛද්‍ය කණ්ඩායම විසින් වේග පන්දු යවන්නන් තක්සේරු කිරීමකට ලක් කරන පසුබිමක ඔහු සංචිතයට ආදේශ කර ඇති බවත්, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කියා සිටියා.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා (බොක්සිං දිනයේ දී) මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.
ඊයේ දිනයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ පළමු ටෙස්ට් තරග දෙක සදහා නම් කෙරුණු ඔස්ට්‍රේලියානු සංචිතයම කිසිදු වෙනසකින් තොරව ඉදිරි තරග 3 සදහා ද නම් කිරීමටයි.
පළමු ටෙස්ට් තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0ක් ලෙස අලුබදුන තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.
Squad:
Pat Cummins (c), Marcus Harris, David Warner, Marnus Labuschagne, Steve Smith, Travis Head, Usman Khawaja, Cameron Green, Alex Carey (wk), Mitchell Starc, Josh Hazlewood, Nathan Lyon, Jhye Richardson, Michael Neser, Mitchell Swepson, Scott Boland