ඔස්ට්‍රේලියාවේ කඩුලු 6 ක් ලකුණු 11 කට දැවී යයි ; ඉන්දියාව ලකුණු 75 ක් පිටුපසින්
Lunch Report
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ඉන්දෝර්හි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (2).
දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.
5 වැනි කඩුල්ල සදහා පීටර් හැන්ඩ්ස්කොම්බ් හා කැමරන් ග්‍රීන් අතර ලකුණු 40 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු නමුත්, හැන්ඩ්ස්කොම්බ් ලකුණු 19 කට දැවී යාමත් සමග ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 11 ක් තුළ බිද වැටීම කැපී පෙනුණා.
කැමරන් ග්‍රීන් ලකුණු 21 යි. උස්මාන් කවාජා ලකුණු 60 ක් ලබා ගත්තා. මර්නස් ලබුෂේන් ලකුණු 31 කටත්, ස්ටීවන් ස්මිත් ලකුණු 26 කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4 ක් ද, ආර් අශ්වින් හා උමේෂ් යාදව් කඩුලු 3 බැගින් ද බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 109 ක් ලබා ගත්තා. අද දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඉන්දියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 13 ක්.
ඒ අනුව ඉන්දියාව දෙවැනි ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 75 ක්.