ඔස්ට්‍රේලියාවට කඩුලු 8 ක ජයක් ; අදත් තරග දෙකක්
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ(14) සමත් වුණා.
Gqeberha හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 107 ක් රැස් කළා.
Nigar Sultana ලකුණු 57 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Georgia Wareham ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
Meg Lanning නොදැවී ලකුණු 48 ක් ද, Alyssa Healy ලකුණු 37 ක් ද රැස් කළා.
මේ අතර, තරගාවලියේ 9 වැනි තරගය ඉන්දීය කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතරත්, 10 වැනි තරගය පාකිස්තානය හා අයර්ලන්තය අතරත් අද පැවැත්වීමට නියමිතයි.