ඔස්ට්‍රේලියානු A කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 298ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 297ක් ලබා ගනිමින්.
නායක ධනංජය ද සිල්වා ලකුණු 68(70)ක් රැස් කළා.
ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු ලකුණු 65ක් ද, අශේන් බණ්ඩාර ලකුණු 48ක් ද, කමිදු මෙන්ඩිස් ලකුණු 42ක් ද ලබා ගත්තා.
දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට දැවී ගිය අතර, නිරෝෂන් දික්වැල්ල ලබා ගත්තේ ලකුණු 10ක් පමණයි.
පන්දු යැවීමේ දී Mark Steketee හා Todd Murphy කඩුලු 2 බැගින් බිද හෙලුවා.
Update :
මේ අතර, ඕස්ට්‍රේලියා A කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී ඉනිමේ පළමු කඩුලු දෙකම දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.
— cric fun (@cric12222) June 8, 2022