Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු සුපිරි වේග පන්දු යවන්නාට දෙවැනි 20යි 20 අහිමි වෙයි

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට ශ්‍රී ලංකාව සමග අද(8) පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඊයේ රාත්‍රියේ පැවැති පළමු 20යි 20 තරගයේ දී ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන්.

තරගයේ පළමු පන්දුවාරයේ දී ඔහු එම ආබාධයට ලක් වූ නමුත්, එම තරගයේ දී මිචෙල් ස්ටක් විසින් සිය පන්දුවාර හතරම යවා නිමා කිරීමට සමත් වුණා.

එහිදී ලකුණු 26කට කඩුලු 3ක් දවා ගැනීමට ද ස්ටක් සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව අද තරගය සදහා අවම වශයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරනු ඇති.

බොහෝ විට මිචෙල් ස්ටක් වෙනුවට ජයි රිචර්ඩ්සන් කණ්ඩායමට කැදවීමට ඉඩ ඇති බව සදහන්.

පුහුණුවීම් අතරතුර දී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට මේ වන විටත් වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ඇබොට්ගේ සේවය අහිමි වී තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ඊයේ ආරම්භ වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා පමණක් වන ඔස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත්ව සිටියා.

කෙසේ වෙතත්, 20යි 20 තරගාවලියෙන් පසුව ඔහු ඔස්ට්‍රේලියානු A සංචිතය සමග එක්වී ශ්‍රී ලංකා A කණ්ඩායමට එරෙහි තරග සදහා ක්‍රීඩා කිරීමටයි නියමිතව සිටියේ.

ශෝන් ඇබෝර්ට් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට ආදේශ කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කළේ නැහැ.