ඔස්ට්‍රේලියානු නායකයාගේ මව අභාවප්‍රාප්ත වෙයි
ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස්ගේ මව Maria Cummins අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පිළිකා රෝගී තත්ත්වයකින් පසු වූ ඇය ඊයේ(9) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත වූ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේ දී ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට ද තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.
ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව පැට් කමින්ස් සිය මවගේ අසනීප තත්ත්වය හේතුවෙන් යළි ඔස්ට්‍රේලියාව බලා පිටව ගිය අතර, තෙවැනි හා සිව්වැනි ටෙස්ට් තරගවලදී ඔහු වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ස්ටීවන් ස්මිත්ට පැවරුණා.
We are deeply saddened at the passing of Maria Cummins overnight. On behalf of Australian Cricket, we extend our heartfelt condolences to Pat, the Cummins family and their friends. The Australian Men's team will today wear black armbands as a mark of respect.
— Cricket Australia (@CricketAus) March 10, 2023