Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු නව ප්‍රධාන පුහුණුකරු නිවේදනය කෙරේ

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් පත් කර තිබෙනවා.

වසර 4ක කාලයක් සදහා ඔහුව එම තනතුරට පත් කර ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මීට පෙර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජස්ටින් ලැන්ගර් පසුගිය පෙබරවාරි මාසයේ දී ධූරයෙන් ඉවත් වුණා.

අනතුරුව කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළේ ද ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්.

නිමා වූ පාකිස්තාන තරග සංචාරය ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ සාර්ථකව නිමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන මැක්ඩොනල්ඩ් එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කර තිබුණා.

40 හැවිරිදි ඔහු 2019 වසරේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළා.