Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනස්කම් දෙකක්

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ආබාධවලට ලක් වූ මිචෙල් ස්ටක් හා කැමරන් ග්‍රීන්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමි වීමත් සමගයි මෙම වෙනස්කම් දෙක සිදු කර ඇත්තේ.

ඒ අනුව ඇෂ්ටන් ඒගාර් හා මැට් රේන්ෂෝ ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය සදහා කැදවීමට පියවර ගෙන තිබෙනවා.

තෙවැනි ටෙස්ට් තරගය සදහා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විටත් තරග 2-0 ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, අවසන් ටෙස්ට් තරගය එළඹෙන 4 වැනිදා සිඩ්නි හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia’s squad for Sydney Test :

Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Marcus Harris, Josh Hazlewood, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Lance Morris, Nathan Lyon, Matthew Renshaw, Steve Smith, David Warner