ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළලේ දී සම්මාන බෙදී ගියේ මෙහෙමයි
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද(30) සංවිධාන කළ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළලේ දී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටීවන් ස්මිත් සමත් වුණා.
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන ඇලන් බෝර්ඩර් පදක්කම ඔහු හිමි කර ගත්තේ සිව්වැනි අවස්ථාවට වීම විශේෂත්වයක්.
රිකී පොන්ටින් හා මයිකල් ක්ලාක් ද මීට පෙර සිව්වතාවක් එම පදක්කම හිමි කර ගෙන තිබුණා.
ස්මිත් පසුගිය වසරේ දී ජාත්‍යන්තර පිටිය තුළ ලකුණු 1,547 ක් වාර්තා කර තිබුණේ තරග 32 කදීයි. ඉන් ලකුණු 863 ක් ම ඔහු රැස් කළේ ටෙස්ට් තරගවලදීයි. ඒ, 71.92 ක ඉනිමක සාමාන්‍යක් සටහන් කර ගනිමින්.
වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් බෙත් මූනි පිදුම් ලැබුවේ දෙවැනි වරටයි.
“ශේන් වෝනර් වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය උස්මාන් කවාජා විසින් හිමි කර ගත්තා.
ඩේවිඩ් වෝනර් වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත්, මර්කස් ස්ටොයිනිස් වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් සම්මානවලින් පිදුම් ලැබුවා.
සියලු සම්මානලාභීන් –
Allan Border Medal: Steve Smith 171 votes. Runners-up: Travis Head 144, David Warner 141.
Belinda Clark Award: Beth Mooney 129 votes. Runners-up: Meg Lanning 110, Tahlia McGrath 95.
Shane Warne Men’s Test Player of the Year: Usman Khawaja
Women’s ODI Player of the Year: Beth Mooney
Men’s ODI Player of the Year: David Warner
Female T20 Player of the Year: Tahlia McGrath
Male T20 Player of the Year: Marcus Stoinis
Women’s Domestic Player of the Year: Annabel Sutherland
Men’s Domestic Player of the Year: Michael Neser
Betty Wilson Young Cricketer: Courtney Sippel
Bradman Young Cricketer: Lance Morris
Community Impact Award: Usman Khawaja
Australian Cricket Hall of Fame inductees: Ian Redpath and Margaret Jennings