Ultimate magazine theme for WordPress.

ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට තවත් වෙනසක්

වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන් ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පළමු තරග දෙක සදහා පමණක් ඔහුව සංචිතයට ඇතුළත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් ඇගිල්ලක ආබාධයකට ලක් වීම පදනම් කර ගනිමින් මෙම නම් කිරීම සිදු කර තිබෙනවා.

ඔහුගේ ආබාධය හේතුවෙන් ජයි රිචර්ඩ්සන් ද ශ්‍රී ලංකාවට එරෙහි තරග 5කින් යුත් එක්දින තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට නම් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ(9) කටයුතු කළා.

ALSO READ : ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

ශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක්ට මෙම ආබාධය හේතුවෙන් අහිමි වී තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා මිචෙල් ස්ටක්ට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔහුට අවම වශයෙන් දින 7ක කාලයක් විවේක ගැනීමට සිදුව ඇති බව සදහන්.

ALSO READ : ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට 40%ක දඩයක්

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 14 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.