Ultimate magazine theme for WordPress.

ඔලිම්පික් ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගනය මෙන්න

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ක්‍රිකට් ක්‍රීඩාව පැවැත්වෙන ක්‍රීඩාංගනය තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව දකුණු කැලිෆෝනියාවේ Pomona හීදී තාවකාලිකව ඉදි කෙරෙන ක්‍රීඩාංගනයකදී ක්‍රිකට් තරග පැවැත්වීමට නියමිතයි.

ජූලි 14 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ඇතුළත් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් තරග වැදීමට නියමිතව තිබෙනවා.

1900 වසරෙන් පසුව පළමු වරටයි ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇත්තේ. තරගාවලියට කණ්ඩායම් සුදුසුකම් ලබන ආකාරය මෙතෙක් නිවේදනය කර නැහැ.