Ultimate magazine theme for WordPress.

ඓතිහාසික 100 වැනි ටෙස්ට් ගැටුමට කොදෙව් සංචිතයට එක් වෙනසක්

දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක කෙවින් සින්ක්ලෙයාර් සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට කැදවා තිබෙනවා.

ඔහුව ටෙස්ට් සංචිතයට නම් කළ පළමු අවස්ථාව මෙය වන අතර, රයිමන් රෙයිෆර් වෙනුවටයි කෙවින් සින්ක්ලෙයාර් ටෙස්ට් සංචිතයට ආදේශ කර ඇත්තේ.

පළමු ටෙස්ට් තරගය හා සැසදීමේ දී ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් සංචිතයට සිදු කර ඇති එකම වෙනස්කම වන්නේ මෙම ආදේශ කිරීමයි.

කෙසේ වෙතත්, ක්‍රීඩකයෙකුට ආබාධයක් සිදුවුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් රයිමන් රෙයිෆර් තවදුරටත් සංචිතය සමග රදවා ගැනීමට ද පියවර ගෙන තිබෙනවා.

23 හැවිරිදි සින්ක්ලෙයාර් පළමු පෙල තරග 18 කදී කඩුලු 54 ක් දවා ගෙන ඇති අතර, ලකුණු 756 ක් ද වාර්තා කර තිබෙනවා. ඒ, අර්ධ ශතක 6 ක් ද සමගින්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ඉනිමක හා ලකුණු 141 ක ජයක් වාර්තා කළ අතර, අවසන් ටෙස්ට් තරගය ට්‍රිනිඩෑඩ්හි Port of Spain හී දී ආරම්භ වීමට නියමිතයි.

එය දෙරට අතර පැවැත්වෙන 100 වැනි ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක්. ඉන්දියාව හා කොදෙව්වන් අතර පළමු වරට ටෙස්ට් තරගයක් පවත්වා තිබුණේ 1948 වසරේ දී දිල්ලිහී දී යි.

මෙතෙක් පවත්වා ඇති තරග 99 න් තරග 30ක් කොදෙව්වන් ද, තරග 23 ක් ඉන්දියාව ද ජය ගෙන තිබෙනවා.

West Indies squad for the second Test:

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Alick Athanaze, Tagenarine Chanderpaul, Rahkeem Cornwall, Joshua Da Silva (wk), Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kirk McKenzie, Kevin Sinclair, Kemar Roach, Jomel Warrican

Travelling reserves: Tevin Imlach, Akeem Jordan