ඓතිහාසික සංචාරයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ – Jonassen ඉවතට

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
ඇලීසා හීලිගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.
සංචිතයෙන් Jess Jonassen ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 2012 වසරේ දී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් හිමි කර ගැනීමෙන් අනතුරුව ඇය එරට කාන්තා සංචිතයේ නිත්‍ය සාමජිකාවක් ලෙස කටයුතු කළා.
Tayla Vlaeminck සංචිතයට කැදවා ඇති අතර, ඒ අනුව වසර දෙකකට පමණ පසුව ඇයට යළි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් මෙම සංචාරයේ දී හිමි වීමට ඉඩ තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.
මෙම සංචාරයට එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ඇතුළත් අතර, එක්දින තරගාවලිය මාර්තු 21 වැනිදා ද, විස්සයි 20 තරගාවලිය මාර්තු 31 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.
Australia squad vs Bangladesh
Alyssa Healy (c), Darcie Brown, Ash Gardner, Kim Garth, Grace Harris (T20 only), Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Sophie Molineux, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham, Tayla Vlaeminck