එල්.පී.එල් තවත් කණ්ඩායමක හිමිකාරීත්වය බොලිවුඩයට

එළඹෙන 26 වනදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සහ බොලිවුඩ් සිනමාව අතර සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය මාසයේ දී එල්.පී.එල් තරගාවලියට එක්වන මහනුවර හෙවත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය සුපිරි බොලිවුඩ් නලු සල්මන් ඛාන්ගේ පවුලේ සාමාජිකයින් විසින් මිලදී ගත් බවට තහවුරු කෙරුණා.

මේ වන විට තොරතුරු වාර්තා වන්නේ තවත් බොලිවුඩ් නලුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි (Sachin Joshi) විසින් ද එල්.පී.එල් කණ්ඩායමක් මිලදී ගෙන ඇති බවයි.

දඹුල්ල කණ්ඩායම ඔහු විසින් මිලදී ගෙන ඇති බව සදහන්.

මීට පෙර දඹුල්ල කණ්ඩායම හදුන්වනු ලැබුවේ Dambulla Hawks යන නමින් වුවද, මේ වන විට එය  Dambulla Lions නමින් හදුන්වනු ලබනවා.

දසුන් ශානක විසින් නායකත්වය දරනු ලබන දඹුල්ල කණ්ඩායම සදහා කාර්ලස් බ්‍රැත්වෙයිට්, සමිත් පටෙල් වැනි විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළත්.

You might also like