එක්දින ගැටුමට සියල්ල සූදානම් ; ශ්‍රී ලංකාව දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග අද තරගයට

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අදින්(14) ආරම්භ වනවා.
පළමු තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත් බැවින් ඔවුන් ඉහළ මානසිකත්වයක් යටතේ එක්දින තරගාවලියට පිවිසෙනු ඇති.
කෙසේ වෙතත්, ආබාධ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට යම් බලපෑමක් එල්ල වී තිබෙනවා.
පළමු 20යි 20 තරගයේ දී ආබාධයකට ලක් වූ මිචෙල් ස්ටක්ට අවම වශයෙන් පළමු එක්දින තරග දෙක ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන් ද පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් යළි සිය රට බලා පිටව ගොස් තිබෙනවා.
ආබාධයකට ලක් වීම නිසා 20යි 20 තරගාවලිය ආරම්භයට ද පෙර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ශෝන් ඇබෝර්ට් හට ද ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුවුණා. එමෙන්ම මේ වන විට මිචෙල් මාෂ් ද ආබාධයකට ලක්ව සිටිනවා.
කෙසේ වෙතත්, පළමු එක්දින තරගය සදහා ප්‍රබල කණ්ඩායමක් නම් කිරීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
කෙසේ වෙතත්, ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කර සිටියේ අද තරගයේ දී යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට එක්දින වරම් දිනා ගැනීමට වැඩි අවස්ථාවක් පවතින බවයි.
ඔස්ට්‍රේලියාව ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු සමග අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිත නමුත්, ශ්‍රී ලංකාව ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ඒ අනුව වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයින් අද තරගයේ දී දග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට ඉඩ පවතින බව සදහන්.
ධනංජය ද සිල්වා ද අද තරගය සදහා ක්‍රීඩා කරනු ඇති. ඒ අනුව දග පන්දු යවන්නෙකු ලෙස ඔහුගෙන් ද කණ්ඩායමට සේවයක් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වනවා.
භානුක රාජපක්ෂට කණ්ඩායමේ ස්ථානය අද තරගයේ දී අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 97ක්.
ඉන් තරග 61ක් ඔස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 32ක්.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර එක්දින තරගයකදී අවසන් වරට එකිනෙකා මුණගැසී තිබුණේ පසුගිය එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී යි.
හෙට(15) දිනයට එම තරගය පවත්වා වසර 3ක් සම්පූර්ණ වන අතර, අදාළ තරගයෙන් ලකුණු 87 ක ජයක් වාර්තා කළේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.
පළමු එක්දින තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම :
- Aaron Finch (c), David Warner, Steve Smith, Marnus Labuschagne, Marcus Stoinis, Glenn Maxwell, Alex Carey (wk), Ashton Agar, Pat Cummins, Jhye Richardson, Josh Hazlewood
පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම :
- ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ
දසුන් ශානක මාධ්‍ය හමුවේ දැක් වූ අදහස් –