එකම දිනයකදී රටවල් දෙකකදී දසුන්ගෙන් සුපිරි දක්ෂතාවයක් – නයිට් රයිඩර්ස් පිලට එරෙහි දසුන්ගේ ඉනිම මෙන්න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඊයේ(2) දිනයේදී රටවල් දෙකක පැවැති තරග දෙකක් ක්‍රීඩා කරමින් කැපී පෙනෙන දක්ෂතා දැක් වීමට සමත් වීම මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දින ගැනීමට සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මේජර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ එස් එස් සී කණ්ඩායම හා මුවර්ස් ක්‍රීඩා සමාජය අතර පැවැති තරගය සදහා ඔහු පසුගිය 31 වැනිදා සිට ක්‍රීඩා කළ අතර, එම තරගයේ අවසන් දිනය වූයේ ඊයේ දිනයයි.
ඊයේ දිනයේදී එස් එස් සී කණ්ඩායම වෙනුවෙන් සුපිරි ශතකයක් රැස් කළ දසුන් ලකුණු 123 ක් ලබා ගත්තේ පන්දු 87 කින් හයේ පහර 8 ක් හා හතරේ පහර 10 ක් සමගින්.
මෙම තරගයෙන් පසුව දසුන් වහාම ඩුබායි නුවර බලා පිටත්ව ගොස් තිබූ අතර, එහිදී ඔහු International League T20 තරගාවලිය යටතේ Dubai Capitals හා Abu Dhabi Knight Riders කණ්ඩායම් අතර පැවැති තරගය සදහා එක් වුණා.
ඩුබායි කණ්ඩායම නියෝජනය කරන දසුන් එම තරගයේදී පන්දු 12 කින් වේගවත් ලකුණු 34 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 4 ක් සමගින්. (දර්ශන පහතින්)
එස් එස් සී හා මුවර්ස් කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, ඩුබායි හා අබුඩාබි අතර තරගයෙන් ඩුබායි කණ්ඩායමට ලකුණු 26 ක ජයක් හිමිවුණා. එම තරගයේ දී ඩුබායි පිල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 93 (57) ක් ලබා ගැනීම ද කැපී පෙනුණා.
— cric sl (@cricslvideo) February 3, 2025