Ultimate magazine theme for WordPress.

එංගලන්ත හා අයර්ලන්ත ටෙස්ට් සංචිතවලට වෙනස්කම් දෙකක්

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතයට Josh Tongue ඇතුළත් කර තිබෙනවා.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති 25 හැවිරිදි ඔහු මෙලෙස සංචිතයට නම් කර ඇත්තේ ජේම්ස් ඇන්ඩර්සන් හා ඔලී රොබින්සන් සුළු ආබාධවලට ලක්වීමත් සමගයි.

පෙබරවාරි මාසයේ දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරය සදහා ද Josh Tongue එක් වුණා.

ශ්‍රී ලංකා A කණ්ඩායම සමග පැවැති දෙවැනි සිව්දින තරගයේ දී ඔහු ලකුණු 34 කට කඩුලු 5 ක් හා ලකුණු 77 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, එංගලන්තයට එරෙහි සිය සංචිතය සදහා ද වෙනස්කමක් සිදු කිරීමට අයර්ලන්තය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටින Conor Olphert වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Matthew Foster සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගය ජූනි පළමු වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.