Ultimate magazine theme for WordPress.

එංගලන්ත සුපිරි ක්‍රිකට් තරු තුනක් IPL තරගාලියෙන් ඉවත්වෙයි

එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරගවලින් ඉවත් වී තිබෙනවා.

ඔහු සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙසයි කටයුතු කරමින් සිටියේ.

එමෙන්ම පංජාබ් කිංග්ස් කණ්ඩායමේ පිතිකරු එංගලන්තයේ ඩාවිඩ් මලාන් ද මෙවර තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

ඔහු වෙනුවට දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් සංචිතයට ආදේශ කිරීමටයි කණ්ඩායම් කළමණාකාරීත්ය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රිස් වෝක්ස් ද මෙවර තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

2021 අයි.පී.එල් තරගාවලියේ පැවැත්වීමට නියමිත ඉතිරි තරග ලබන 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.