Ultimate magazine theme for WordPress.

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන හා සංචිත නිවේදනය කෙරේ

එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන හා එංගලන්ත ලයන්ස් සංචිත අද(3) නිවේදනය කෙරුණා.

ජනවාරි හා පෙබරවාරි මාසවලදී සිදු කරන මෙම තරග සංචාරයේ දී ලයන්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

සංචාරය ආරම්භ කරමින් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ජනවාරි 25 වැනිදා තෙදින පුහුණු තරගයකට එක්වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

පළමු සිව්දින ටෙස්ට් තරගය ජනවාරි 31 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 7 වැනිදා ද ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරග 3 පිළිවෙලින් පෙබරවාරි 15, 18 හා 21 යන දිනවලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Lions Test squad :

Tom Abell, Josh Bohannon, Jack Carson, Sam Cook, Matt Fisher, Nathan Gilchrist, Tom Haines, Haseeb Hameed, Tom Hartley, Jack Haynes, Lyndon James, Alex Lees, Liam Patterson-White, Ollie Robinson, Jamie Smith, Josh Tongue

Lions ODI squad :

Tom Abell, Tom Banton, Jacob Bethell, Brydon Carse, Sam Cook, Jordan Cox, Mason Crane, Matt Critchley, Matt Fisher, Sam Hain, Tom Hartley, Tom Lammonby, Saqib Mahmood, Tom Prest, James Rew, Luke Wood.