Ultimate magazine theme for WordPress.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිමට ලකුණු 387 යි ; දුවිදුගෙන් කඩුලු 4ක්

Day 1 Report

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) Chelmsford හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත යොවුන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 387 ක්.

George Bell ලකුණු 107 ක් හා Ross Whitfield ලකුණු 86 ක් රැස් කළ අතර, Bertie Foreman නොදැවී ලකුණු 58 යි.

පන්දු යැවීමේ දී දුවිදු රණතුංග ලකුණු 100කට කඩුලු 4ක් දවා ගත්තා. දුලාජ් සමුදිත හා වනුජ සහන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 25 ක්.

ඒ අනුව ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී ලකුණු 362 ක් පිටුපසින් පසුවනවා.