එංගලන්ත යොවුන් පිල දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් එංගලන්ත යොවුන් (19න් පහළ) ක්‍රිකට් කණ්ඩායම අද(22) පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙම සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමගින් එක්දින තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ජනවාරි මාසයේ දී කොදෙව් දූපත් හීදී ආරම්භ වන යොවුන් ලෝක කුසලානයට පෙර සූදානමක් වශයෙන් මෙම තරගාවලිය සංවිධාන කර තිබෙනවා.
කණ්ඩායම් දෙක අතර පළමු එක්දින තරගය ලබන 30 වනදා පැවැත්වීමට නියමිතයි.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාගනයේ දී සියලු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේයි.
- එංගලන්ත යොවුන් සංචිතය –
Rehan Ahmed, Tom Aspinwall, Josh Baker, Sonny Baker, Nathan Barnwell, George Bell, Jacob Bethell, Josh Boyden, Ben Cliff, James Coles, Harry Crawshaw, Alex Horton, Dan Ibrahim, Will Luxton, Tom Prest, James Rew, James Sales, Fateh Singh, George Thomas,
- තරග කාලසටහන –
1st ODI – 30th November 2021
2nd ODI – 03rd December 2021
3rd ODI – 05th December 2021
4th ODI – 08th December 2021
05th ODI – 10th December 2021