එංගලන්ත මාස්ටර්ස් අන්ත අසරණ කළ සංගක්කාරගේ සුපිරි ඉනිම මෙන්න

International Masters League ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේදී විශිෂ්ඨ ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් නායක කුමාර් සංගක්කාරට අද(10) හැකි වුණා.
එම ශතකයත් සමග එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක සුපිරි ජයක් වාර්තා කිරීමට ද ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 12.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 106 ක් රැස් කළේ පන්දු 47 කින්. ඒ, හයේ පහරක් හා හතරේ පහර 19 ක් සමගින්. (දර්ශන පහතින්)
— cric sl (@cricslvideo) March 10, 2025