එංගලන්ත පුහුණුකරුට කොරෝනා ආසාදනය වෙයි

අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ රැදී සිටින එංගලන්ත ක්‍රිකට් කණඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.
ඔහු මේ වන විටත් මෙල්බර්න් නුවර හුදකලා වී සිටින්නේ ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගියදා හදුනා ගැනීම හේතුවෙන්.
46 හැවිරිදි ක්‍රිස් සිල්වර්වුඩ් එළඹෙන 8 වැනිදා දක්වා හුදකලාව සිටීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හුදකලා වී සිටීමට සිදු වන බැවින් එංගලන්ත පුහුණුකරුට ලබන පස්වනදා සිඩ්නි හී දී ආරම්භ වන එංගලන්ත – ඔස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගයට සම්බන්ධ වීමට හැකි වන්නේ නැහැ.
කෙසේ වෙතත්, ඔහුට අවසන් ටෙස්ට් තරගය සදහා එක්වීමේ අවස්ථාව හිමි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.