එංගලන්ත නවක වේග පන්දු යවන්නාගේ 20යි 20 සිහිනය බොද වෙයි

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක John Turner ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.
හන්ඩ්‍රඩ් තරගාවලියේ දී 22 හැවිරිදි ඔහු Trent Rockets කණ්ඩායම නියෝජනය කළා.
Turner වෙනුවට Brydon Carse එංගලන්ත 20යි 20 සංචිතය සදහා ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
28 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 9 ක් ක්‍රීඩා කර ඇතත්, ඔහු මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.
එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 4 කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 30 වැනිදා චෙස්ටර් ලී ස්ට්‍රීට් හී දී ආරම්භ වීමට නියමිතයි.
England T20I squad :
Jos Buttler (c), Rehan Ahmed, Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Harry Brook, Sam Curran, Ben Duckett, Will Jacks, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Josh Tongue, Brydon Carse, Luke Wood.