Ultimate magazine theme for WordPress.

එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකුට අවසන් පූර්ව තරගය අහිමි වන ලකුණු

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද(10) ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, 2007 ලෝක 20යි 20 ශූරයින් වූ ඉන්දීය කණ්ඩායම හා 2010 ලෝක 20යි 20 ශූරයින් වූ එංගලන්ත කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් දවහල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සදහා එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් ජෝර්ඩන් ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ්ගේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පවතිනවාද යන්න සම්බන්ධයෙන් පවතින ගැටලු මත අද තරගය සදහා ජෝර්ඩන් කැදවීමට ඉඩ ඇති බව සදහන්.

මාර්ක් වුඩ් මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී පැයට කිලෝ මීටර් 145 කට අධික වේගයෙන් අඛණ්ඩව පන්දු යොමු කර ඇති අතර, මේ වන විට බිද හෙලා ඇති කඩුලු ගණන 9 ක්.

කෙසේ වෙතත්, ඔහු සුළු ආබාධයකට ලක්ව සිටින බැවින් අවසන් පූර්ව තරගයට පෙර ඇඩිලේඩ් ඕවල් හී දී පැවැති පුහුණු සැසිවලදී මාර්ක් වුඩ් පුහුණු කටයුතුවල ද නිරත වී ඇත්තේ ඉතා අවම වශයෙන්.

මේ අතර, ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ ඩේවිඩ් මලාන්ට ද අද තරගය අහිමි වනු ඇති.

එසේ වුවහොත් ඔහු වෙනුවට පිල් සෝල්ට් කණ්ඩායමට කැදවීමට කටයුතු කිරීමට නියමිතයි.

Leave a comment