Ultimate magazine theme for WordPress.

එංගලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2023ට කල් දැමේ

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2023 වසරේ මාර්තු මාසය දක්වා කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

එම සංචාරය එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවලදී සිදු කිරීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

සංචාරයේ දී එක්දින තරග හා 20යි 20 තරග 3 බැගින් පැවැත්වීමට නියමිතව තිබුණා.

තරග සංචාරය කල් දැමීම හේතුවෙන් සැප්තැම්බර් 19 වනදා ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවයේ ඉතිරි තරග සදහා එංගලන්ත හා බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීම සදහා ද මේ වන විට අවස්ථාව උදා වී තිබෙනවා.

කෙසේ වෙතත්, එංගලන්තය ඔක්තෝබර් මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

අනතුරුව 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.