එංගලන්ත කණ්ඩායමට වෙනස්කම් 4ක්

ඔස්ට්‍රේලියාව සමග බොක්සිං දිනයේ දී (26) ආරම්භ වන තෙවැනි අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත කණ්ඩායමට වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ජොනී බෙයාර්ස්ටව්, ජැක් ලීච්, සැක් ක්‍රව්ලි හා මාර්ක් වුඩ් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ, ඔලී පෝප්, ස්ටුවට් බ්‍රෝඩ්, රෝරි බර්න්ස් හා ක්‍රිස් වෝක්ස් වෙනුවටයි.
තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අලුයම 5.00ට ආරම්භ වීමට නියමිතයි.
පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
England XI for third Ashes Test:
Haseeb Hameed, Zak Crawley, Dawid Malan, Joe Root (c), Ben Stokes, Jonny Bairstow, Jos Buttler (wk), Mark Wood, Ollie Robinson, Jack Leach, James Anderson.