Ultimate magazine theme for WordPress.

එංගලන්තය සුපිරි අටට – ස්කොට්ලන්තය තරගාවලියෙන් ඉවතට

Match Report

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(16) පෙරවරුවේ සමත් වුණා. ඒ, තරගාවලියේ 35 වැනි තරගයෙන් ස්කොට්ලන්තය පරදා ඔස්ට්‍රේලියාව කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මෙරට වේලාවෙන් අද අලුයම පැවැති තරගාවලියේ 34 වැනි තරගයෙන් නැමීබියාව පරදා එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 41 ක ජයක් ලැබූ නමුත්, සුපිරි අට වටයට පිවිසීමට ඔවුන්ට එය පමණක් ප්‍රමාණවත් වූයේ නැහැ.

ඒ සදහා තරගාවලියේ 35 වැනි තරගයේ දී ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කිරීම ද එංගලන්තයට අනිවාර්යය වුණා. ඒ, එංගලන්තය හා ස්කොට්ලන්තය ප්‍රසාද ලකුණු 5 බැගින් ලබා සම තත්ත්වයේ පසු වූ බැවින්. ශුද්ධ ලකුණු වේගය අනුව ස්කොට්ලන්තයට වඩා එංගලන්තය ඉදිරියෙන් පසු වූ බැවින් ස්කොට්ලන්තයට සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමටනම් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ජය ගැනීම අනිවාර්යය වුණා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව ලැබූ ජයත් සමග B කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සමග එංගලන්තය සුපිරි අට වටයට සුදුසුකම් ලැබූ අතර, ස්කොට්ලන්තයට, නැමීබියාවට හා ඕමානයට පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

ශාන්ත ලුසියා හි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ 35 වැනි තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 180 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම නිමා වීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ට්‍රැවිස් හෙඩ් පන්දු 49 කින් ලකුණු 68 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්. මර්කස් ස්ටොයිනිස් පන්දු 29 කින් ලකුණු 59 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මාර්ක් වොට් හා සෆ්යාන් ශරිෆ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය වෙනුවෙන් බ්‍රෙන්ඩන් මැක්මලන් පන්දු 34 කින් වේගවත් ලකුණු 60 ක් රැස් කළා. ඒ, හයේ පහර 6ක් හා හතරේ පහර 2 ක් සමගින්. නායක රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 42 (31) ක් හා ජෝර්ජ් මන්සේ ලකුණු 35 (23) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 44කට කඩුලු 2 ක් දවා ගත් අතර, ඇෂ්ටන් ඒගාර්, නේදන් ඇලස් හා ඇඩම් සම්පා කඩුල්ල බැගින් බිද හෙලුවා.

මෙම තරගයේ දී ඔස්ට්‍රේලියානු පන්දු රකින්නන් විසින් උඩ පන්දු හයක් අත්හැරීම කැපී පෙනුණා.

[team_standings 59913]

Leave a comment