එංගලන්තය ලකුණු 185කට සීමා වෙයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද මෙල්බර්න් හී දී බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන්ට මෙම තරගයේ දී ද සාර්ථක වීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
එංගලන්ත ඉනිමේ සියලු පිතිකරුවන් පන්දුවාර 65.1ක් තුළ දැවී ගියේ ලකුණු 185ක් ලෙස ලකුණු පුවරුව සටහන්ව තිබියදීයි.
ආරම්භක පිතිකරුවන් වූ හසීබ් හමීඩ් ලකුණු නොලබා දැවී ගිය අතර, සැක් ක්‍රව්ලි ලකුණු 12යි. ඩාවිඩ් මලාන් ලකුණු 14කට දැවී ගියා.
මෙම ඉනිමේ දී ද යම් තරමකින් හෝ සාර්ථක වූ එකම පිතිකරුවා බවට පත් වූ නායක ජෝ රූට් ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.
එය ඔහු ටෙස්ට් පිටියේ වාර්තා කළ 52 වැනි අර්ධ ශතකයයි.
ජොනී බෙයාර්ස්ටව් ලකුණු 35ක් හා බෙන් ස්ටොක්ස් ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගියා.
පන්දු යැවීමේ දී නායක පැට් කමින්ස් හා නේදන් ලියෝන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
මිචෙල් ස්ටක් කඩුලු 2ක් ද, කැමරන් ග්‍රීන් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් ස්කොට් බොලන්ඩ් එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.