එංගලන්තය යළි තරගයට අවතීර්ණ වෙද්දී වර්ෂාවෙන් තරගයට බාධා
Day 2 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(5) නිමා වුණා.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 125ක්.
වර්ෂාව හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 33ක් පමණයි.
ඉන්දීය ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට රෝහිට් ෂර්මා සහ කේ.එල්. රාහුල් සමත්වුණේ පළමු කඩුල්ලට ලකුණු 97ක සබදතාවයක් ගොඩනගමින්.
ලකුණු 36 ක් ලබා සිටි රෝහිට් ෂර්මා දවා ගැනීමට ඔලී රොබින්සන් සමත්වූ අතර, කේ.එල් රාහුල් නොදැවී ලකුණු 57ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පිට පිට පන්දු දෙකකදී චෙටස්වර් පුජාරා ලකුණු 4කටත්, නායක විරාට් කෝලි ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.
අජින්කෙයා රහානේ ලකුණු 5ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.
නොටින්හැම්හි ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 183 ක් පමණයි.
ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 58ක්.
මේ අතර, එංගලන්ත ඉනිම අතරතුර දී වූ සිදුවීමකට අදාළ වීඩියෝවක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.
මොහොමඩ් ෂාමි පන්දු යවමින් සිටින අතරතුර දී මොහොමඩ් සිරාජ් විසින් පන්දුව පිරිමැදීම සදහා මොහොමඩ් ෂාමිගේ නළලෙහි ඇති දහඩිය යොදා ගන්නා අයුරු එම වීඩියෝ ඇතුළත්. (වීඩියෝව පහතින් නරඹන්න)