එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායමට බවට පත් වීමට එංගලන්තය අද(6) සමත් වුණා.
ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ 39 වන තරගය අතරතුර දී යි.
සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.
අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි කර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තයට මෙම තරගයේ ජය අනිවාර්යය නොවූ අතර, ඔවුන්ට ඒ සදහා ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 87ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය එම ලකුණු ප්‍රමාණය (87) පන්දුවාර 10.4ක් අවසානයේ කඩුලු 2ක් දැවී සපුරා ගැනීමත් සමගයි ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ.
ඔස්ට්‍රේලියාව අභිබවා දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයේ දී එංගලන්තය ලකුණු 131කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වනවා.
— cric fun (@cric12222) November 7, 2021