එංගලන්තයට ලකුණු 21 ක ජයක් ; ඉන්දු – පාකිස්තාන ගැටුම අද
2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.
සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 118 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97 ක් පමණයි.
Sobhana Mostary ලකුණු 44 කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී Linsey Smith හා Charlie Dean කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප්රමාණයක් රැස් කළේ ලකුණු 41 ක් ලබා ගත් Danni Wyatt-Hodge.
පන්දු යැවීමේ දී Nahida Akter, Fahima Khatun හා Ritu Moni කඩුලු 2 බැගින් දවා ගත්තා.
මේ අතර, තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරග අද(6) පැවැත්වෙනවා. දිනයේ පළමු තරගය ඉන්දියාව හා පාකිස්තානය අතර ඩුබායි හී දී ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් පස්වරු 3:30 ටයි.
තරගාවලියේ 8 වැනි තරගය ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර ඩුබායිහීදී ම රාත්රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.