Ultimate magazine theme for WordPress.

එංගලන්තයට එරෙහි ඓතිහාසික T 20 තරගාවලියට වසර 8 කට පසු රෝනිට කැදවීමක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කර තිබීම විශේෂත්වයක්.

Towhid Hridoy, Rejaur Rahman Raja හා Tanvir Islam යන ක්‍රීඩකයිනුයි එලෙස සංචිතයට ඇතුළත් කර ඇත්තේ.

නිමා වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ආරම්භක පිතිකරු Rony Talukdar වසර 8 කට පසුව ජාතික සංචිතයට යළි කැදවා තිබීම ද කැපී පෙනෙනවා.

එමෙන්ම 2021 වසරෙන් පසුව පළමු වරට Shamim Hossain ද යළි සංචිතයට කැදවීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර ඊයේ ආරම්භ වූ තරග 3කින් යුත් එක්දින තරගාවලිය අවසන් වීමෙන් පසුව 20යි 20 තරගාවලිය මාර්තු 9 වැනිදා Chattogram හී දී ආරම්භ වීමට නියමිතයි.

බංග්ලාදේශය හා එංගලන්තය අතර ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

Bangladesh squad:

Shakib Al Hasan (capt), Liton Das, Najmul Hossain Shanto, Afif Hossain, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Taskin Ahmed, Hasan Mahmud, Nasum Ahmed, Nurul Hasan Sohan, Shamim Hossain, Rony Talukdar, Towhid Hridoy, Rejaur Rahman Raja and Tanvir Islam