ඉනෝකා රණවිර කැදවමින් ලෝක කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර තිබෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.
සංචිතය සදහා අත්දැකීම් බහුල දග පන්දු යවන ක්‍රීඩිකා 38 හැවිරිදි ඉනෝකා රණවීර කැදවා තිබීම විශේෂත්වයක්.
ඒ අනුව 21 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකා කාව්‍යා කවිදිට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකාව ජය ගත් 2024 ආසියානු කුසලාන තරගාවලිය සදහා මෙන්ම නිමා වූ අයර්ලන්ත සංචාරය සදහා ද ඉනෝකා රණවීර නම් කර තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, ඔක්තෝබර් 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන මෙවර ලෝක කුසලාන තරගාවලියට යොදා ගන්නා තණතීරු දග පන්දු යවන්නන්ට වැඩි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ හැකි බැවින් මෙලෙස ඉනෝකා රණවීර සංචිතයට කැදවීමට පියවර ගෙන ඇති බවක් දක්නට ලැබෙනවා.
ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන්නියන් ලෙස උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය හා අමා කාංචනා ඇතුළත්. රණවීරට අමතරව දග පන්දු යවන්නියන් ලෙස ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්දිකා කුමාරි හා කවීෂා දිල්හාරි සංචිතයට නම් කර තිබෙනවා. ඒ, නායිකා චමරි අතපත්තු ද අමතර දග පන්දු යවන්නියක් ලෙස සංචිතයේ රැදී සිටින පසුබිමකයි.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග වදින අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය හා ඉන්දියාවයි.
Sri Lanka squad for T20 World Cup 2024
Chamari Athapaththu (c), Harshitha Samarawickrama, Vishmi Gunaratne, Kavisha Dilshari, Nilakshi de Silva, Hasini Perera, Anushka Sanjeewani (wk), Sachini Nisansala, Udeshika Prabodhani, Inoshi Priyadharshani, Achini Kulasuriya, Inoka Ranaweera, Shashini Gimhani, Ama Kanchana, Sugandika Kumari
Travelling reserve: Kaushini Nuthyangana