ඉනිමක පරාජයෙන් ගැලවුණු අයර්ලන්තයෙන් බංග්ලාදේශයට අභියෝගයක්
Day 3 Report
සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(6) ඩකා හි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.
දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ඉනිමක පරාජයෙන් ගැළවීමේ අවධානමකට මුහුණ දී සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 27 ක් ලබා සිටි නමුත්, ලෝර්කන් ටකර් වාර්තා කළ සුපිරි ශතකය හමුවේ අයර්ලන්තය අද දිනයේ දී යළි සටනට අවතීර්ණ වීම විශේෂත්වයක්.
ඒ අනුව අද දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම සදහා අයර්ලන්තය කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 286 ක්. ඔවුන් මේ වන විට බංග්ලාදේශයට වඩා ලකුණු 131 ක් ඉදිරියෙන් පසුවනවා.
ටකර් පන්දු 162 කින් ලකුණු 108 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 14 ක් සමගින්. හැරී ටෙක්ටර් ලකුණු 56 යි. නොදැවී පන්දුවට පහර දෙන Andy McBrine ලකුණු 71 ක් හා Graham Hume ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් හා ශකිබ් අල් හසාන් කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායක ඇන්ඩි බල්බර්නි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 214 ක් ලබා ගත්තා. හැරී ටෙක්ටර් ලකුණු 50 යි. පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 58 කට කඩුලු 5 ක් දවා ගත්තා.
අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 369 ක් රැස් කළා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 126 ක් ලබා ගත් අතර, නායක ශකිබ් අල් හසාන් ලකුණු 87 කටත්, මෙහිදි හසාන් ලකුණු 55 කටත් දැවී ගියා. පන්දු යැවීමේ දී Andy McBrine ලකුණු 118 කට කඩුලු 6ක් දවා ගැනීම කැපී පෙනුණා.