ඉන්සමාම්ට හෘදයාබාධයක්

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක්ට හෘදයාබාධයක් වැළදී තිබෙනවා.
51 හැවිරිදි ඔහුට මේ වන විට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
1991 වසරේ දී පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත් ඉන්සමාම්, 1992 ලෝක ශූරතාවය දිනා ගත් පාකිස්තාන සංචිතයේ ද සාමාජිකයෙක්.
2019 ජූලි මාසය වන තෙක් එරට තේරීම් කමිටු ප්‍රධානීවරයා ලෙස ද ඉන්සමාම් උල් හක් කටයුතු කළා.