ඉන්දු – ශ්‍රී ලංකා තරග ආරම්භක වේලාවේ වෙනසක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග ආරම්භක වේලාවන් සංශෝදනය කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, පසුගියදා ප්‍රකාශයට පත් කළ සංශෝදිත නව තරග කාලසටහනට අනුව එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන 18 වනදායි.
එක්දින තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.
එම සියලු තරග පස්වරු 2.30ට ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබුණත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(12) නිවේදනය කළේ එක්දින තරග තුන පස්වරු 3ට ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
දෙරට අතර පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එම තරග රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
නමුත්, 20යි 20 තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.