ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය කල් යයි

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග කාලසටහන සංශෝදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
දෙරට අතර එක්දින තරගාවලිය ලබන 13 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇතත්, මේ වන විට අවධානය යොමු කර ඇත්තේ තරගාවලිය ලබන 17 වනදා හෝ 18 වනදා ආරම්භ කිරීමටයි.
ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හා දත්ත විශ්ලේකවරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මේ වන විට හදුනා ගෙන තිබෙනවා.
ඒ අනුව සියලු සාමාජිකයින් වැඩි කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු බැවින් තරගාවලිය මෙලෙස දින කිහිපයකින් කල් දැමීමට නියමිත බව සදහන්.
හෙට(10) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් ආයතනයට හා තරග විකාශන ආයතනයට දැනුම් දෙනු ඇති.