Ultimate magazine theme for WordPress.

ඉන්දු – ශ්‍රී ලංකා තරග නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව

ඉන්දීය කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමකින් තොරව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(23) ආරම්භ වන අතර, 20යි 20 තරගාවලියේ සියලු තරඟ දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරග ආරම්භ වන්නේ පස්වරු 2.00 ටයි.

මෙම තරග සංචාරයේ දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලියෙන් අනතුරුව එක්දින තරගාවලිය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලිය Dialog TV හි නාලිකා අංක 1 ඔස්සේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද නැරඹිය හැකියි.

SLC