Ultimate magazine theme for WordPress.

ඉන්දු – දකුණු අප්‍රිකා සංශෝදිත තරග කාලසටහන නිවේදනය කෙරේ ; T 20 තරග 4 ඉවතට

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ සංශෝදිත තරග කාලසටහන දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග 3 බැගින් යුත් ටෙස්ට් හා එක්දින තරගාවලි ඇතුළත් මෙම සංචාරය ආරම්භ වන්නේ බොක්සිං දිනයේ දී (දෙසැම්බර් 26) සෙන්චූරියන්හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයත් සමගයි.

මීට පෙර තරග සංචාරය ලබන 17 වැනිදා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.

දෙවැනි ටෙස්ට් තරගය, එනම් නව වසරේ පළමු ටෙස්ට් තරගය ජනවාරි 3 වැනිදා ජොහැනස්බර්ග් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, සාම්ප්‍රදායිකව නව වසරේ පළමු ටෙස්ට් තරගය කේප් ටවුන් හී දී පැවැත්වෙන පසුබිමක් තුළයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය කේප් ටවුන් හී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තරග 3කින් යුත් එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 19 වැනිදායි.

තරග 4කින් යුත් 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණ ද, එය කල් දැමීමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ.

ඒ, ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග මෙම තරග සංචාරයේ ආරම්භය කල් දැමීමට සිදුවූ බැවින්.

  • 1st Test : Dec 26-30, Centurion
  • 2nd Test : Jan 03-07, Johannesburg
  • 3rd Test : Jan 11-15, Cape Town
  • 1st ODI : Jan 19, Paarl
  • 2nd ODI : Jan 21, Paarl
  • 3rd ODI : Jan 23, Cape Town