ඉන්දු – දකුණු අප්‍රිකා 20යි 20 තරගාවලිය 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වෙයි

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අද(19) නිමා වුණා.
ඒ, දෙරට අතර පැවැති පස්වැනි 20යි 20 තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වීම හේතුවෙන්.
බැංගලූරුහී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගයේ ආරම්භය ද වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර, ඒ අනුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 19කට සීමා කෙරුණා.
කෙසේ වෙතත්, ඉන්දීය ඉනිම පන්දුවාර 3.3 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 28ක් ලෙස සටහන්ව තිබියදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර අනතුරුව යළි තරගය ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව තරගය අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ.