Ultimate magazine theme for WordPress.

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක් සිදු වන ලකුණු

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගනයේ වෙනසක් සිදුවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම තරගය මාර්තු පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා ධරම්සාලා හී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, එම ක්‍රීඩාංගනයේ මෑතකාලීනව සිදු කළ ප්‍රතිසංස්කරණවලින් පසුව ජාත්‍යන්තර තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය තවමත් සුදුසු මට්ටමක නොමැති බව සදහන්.

ඒ අනුව ක්‍රීඩාංගනය පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කරනු ඇති.

ධරම්සාලා හී දී තරගය පැවැත්වීමට නොහැකි වුවහොත්, විසාකාපට්නම්, රාජ්කොට්, පූනේ හෝ ඉන්දෝර් හී දී තෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය මේ වන විට යොමුව තිබෙනවා.

ධරම්සාලා හීදී අවසන් වරට ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතරයි.