Ultimate magazine theme for WordPress.

ඉන්දීය 20යි 20 නායකත්වයේ යළි වෙනසක්

මෙම මස අගදී සිදු කෙරෙන අයර්ලන්ත තරග සංචාරය සඳහා වන ඉන්දීය 20යි 20 සංචිතය අද(15) ප්‍රකාශයට පත් කෙරුණා.

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීම වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් එම කාලයේ දී එංගලන්තයේ රැඳී සිටින බැවින් මෙම 20යි 20 සංචිතය සඳහා ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් නම් කර නැහැ.

අයර්ලන්තයට එරෙහි තරඟ දෙකකින් යුත් 20යි 20 තරඟාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරී ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යාටයි. උප නායකයා ලෙස බුවනේෂ්වර් කුමාර් පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය සඳහා පළමු වරට රාහුල් ත්‍රිපාති නම් කර තිබීම විශේෂත්වයක්.

මැදපෙල පිතිකරුවන් වන සංජු සැම්සන් හා සූර්යකුමාර් යාදව් ද යළි සංචිතයට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

සූර්යකුමාර් යාදව් ආබාධයකට ලක්ව සිටි අතර, ඒ හේතුවෙන් ඔහුට අයි.පී.එල් තරගාවලියේ අවසන් භාගයේ තරග කිහිපයක් මෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව මේ දිනවල පැවැත්වෙන 20යි 20 තරගාවලිය ද අහිමි වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය කේ.එල් රාහුල්ට පැවරී තිබූ නමුත්, ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමත් සමග කණ්ඩායමේ නායකත්වය මේ වන විට දරනු ලබන්නේ රිෂාබ් පාන්ට් විසින්. උප නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා කටයුතු කරනවා.

අයර්ලන්ත තරග සංචාරයට අයත් 20යි 20 තරග දෙක ජූනි 26 හා 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස වී.වී.එස් ලක්ෂ්මන් කටයුතු කරනවා.

මේ අතර, අදාළ තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය ද අද ප්‍රකාශයට පත් කෙරුණා.

India Squad :
Hardik Pandya (C), Bhuvneshwar Kumar (vc), Ishan Kishan, Ruturaj Gaikwad, Sanju Samson, Suryakumar Yadav, Venkatesh Iyer, Deepak Hooda, Rahul Tripathi, Dinesh Karthik (wk), Yuzvendra Chahal, Axar Patel, R Bishnoi, Harshal Patel, Avesh Khan, Arshdeep Singh, Umran Malik

Ireland Squad:

Andrew Balbirnie (C), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Josh Little, Andrew McBrine, Barry McCarthy, Conor Olphert, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Craig Young.