Ultimate magazine theme for WordPress.

ඉන්දීය සංචාරයට කොදෙව් 20යි 20 සංචිතය නම් කෙරේ

එළඹෙන ඉන්දීය තරග සංචාරයට අයත් 20යි 20 තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

කයිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් 20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

මේ දිනවල එංගලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කරන කොදෙව් සංචිතයම ඉන්දියාවට එරෙහිව ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඉන්දීය තරග සංචාරයට අයත් එක්දින තරගාවලිය සදහා වන කොදෙව් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණා.

මෙම සංචාරයේ දී ඉන්දියාව හා කොදෙව්වන් අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

පෙබරවාරි 6, 9 හා 11 යන දිනවලදී එක්දින තරගාවලිය අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිත අතර, පෙබරවාරි 16, 18 හා 20 යන දිනවලදී 20යි 20 තරගාවලිය කොල්කටා හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

FULL SQUAD :

Kieron Pollard (C), Nicholas Pooran (VC), Fabian Allen, Darren Bravo, Roston Chase, Sheldon Cottrell, Dominic Drakes, Jason Holder, Shai Hope, Akeal Hosein, Brandon King, Rovman Powell, Romario Shepherd, Odean Smith,
Kyle Mayers, Hayden Walsh Jr.

Leave a comment
logo